Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd February 2018 23:43:11 Hours

57 වන සේනාංකයේ සේනංකාධිපති සිය ධූරයෙන් නික්මයයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකායේ සේනාංකාධිපති ලෙස වසරකට අධික කාලයක් රාජකාරි කල මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනඅඟහරුවාදා (30) දින සිය ධූරයේ නික්ම යන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් 57 වන සේනාංකයේ නිලධාරින් සහ සෙසුනිලයින් හමුදා සම්ප්‍රදායානුකූල උත්සවයක් සංවිධානය කරනු ලැබීය.

57 වන සේනාංක මූලස්ථානය පරිශ්‍රයේ දී,1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත කඳවුරු සම්මාන මූරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමීය.ඉන් අනතුරුවසේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ භට පිරිස් අමතනු ලැබීය.

එදිනම පැවැති සියලුනිල තේ පැන් සංග්‍රහයකින් සහ රාත්‍රි භෝජන සංග්‍රහයකින් අනතුරුව වැඩසටහන් මාලාව නිමාවට පත්වීය. එහිදි,නික්මයන සේනාංකාධිපතිතුමන්ගේ සේවය අගයමින් සමරු තිලිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

සිය ධූරයෙන් නික්ම යාමෙන් අනතුරුව,මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් තනතුර භාරගැනීමට නියමිතව ඇත.

affiliate tracking url | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092