Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th January 2020 22:02:59 Hours

563 වන බලසේනාවේ මූලිකත්වයෙන් ඕමන්තෙයි ප්‍රදේශයේ පාසලක් සඳහා පාසල් උපකරණ තොගයක් බෙදාදෙයි

දුර බැහැර ප්‍රදේශවල ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ගේ අධ්‍යාපන මට්ටම නඟා සිටුවීමේ අරමුණින් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ උපදෙස් පරිදි යළිත් වරක් සමාජ සුභසාධන ව්‍යාපෘතියක් දියත් කරමින් ඉකුත් බදාදා (22) දින වන්නි කලාපයේ ඕමන්තෙයි මරතෝඩයි ජි.ටී.එම් පාසලේ සිසුන් සඳහා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.

දෙහිවල පදිංචි ජානකි විජේනායක මහත්මියගේ අනුග්‍රහකත්වය ඇතිව මෙම පාසල් උපකරණ තොගය 563 වන බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කරන ලදී. 563 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් පණ්ඩුක පෙරේරා ගේ මූලිකත්වයෙන් 563 වන බලසේනාවේ සහ 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් මෙම වැඩසටහන සඳහා දායකත්වය දැක්වුහ.

මෙම වැඩසටහන මඟින් මරතෝඩයි ජී.ටී.එම් පාසලේ සිසුන් 25 දෙනෙකු සඳහා ප්‍රතිලාභ තිළිණ කරනු ලැබු අතර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න සහභාගි විය.

මෙම උත්සව අවස්ථාව සඳහා 563 වන බලසේනාවේ බලසේනාධිපති, 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ජානක පෙරේරා, 563 වන බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මරතෝඩයි ජී.ටී.එම් පාසලේ ගුරුවරුන්, සිසු සිසුවියන් ඇතුළු ඔවුන්ගේ දෙමාපියන් පිරිසක් ද සහභාගී වූහ. Sport media | Air Max