Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th July 2019 20:45:51 Hours

563 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරී අරඹයි

වවුනියාව, නාවත්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත 653 වන බලසේනාවේ 24 වන බලසේනාධිපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කර්නල් පණ්ඩුක පෙරේරා ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරී ආරම්භ කරන ලදී.

බලසේනා මූලස්ථානය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් වෙත 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් ප්‍රධාන දොරටුව අභියසදී පිරිනමනු ලැබීය.

මීට ප්‍රථම මෙම බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරී කළ කර්නල් ප්‍රසාද් එදිරිසිංහ 112 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස පත්වීමෙන් අනතුරුව, කර්නල් පණ්ඩුක පෙරේරා එම ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ හා 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් මෙන්ම බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් ද සහභාගි වූහ.

කර්නල් පණ්ඩුක පෙරේරා නව ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ ජනමාධ්ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ජනමාධ්‍ය ලෙස රාජකාරී කරන ලදී. affiliate link trace | Sneaker & Lifestyle News