Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd December 2023 14:31:20 Hours

561 පාබල බලසේනාව 14 වන සංවත්සරය සමරයි

කනකරායන්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත 561 පාබල බලසේනාවේ අභිමානවත් 14 වන සංවත්සරය, එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.ජී බණ්ඩාරනායක යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 07) දින බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

සංවත්සරයට සමගාමීව කණ්ඩායම් හතරක සහභාගීත්වයෙන් වොලිබෝල් සහ ක්‍රිකට් තරඟාවලියක් බලසේනා මූලස්ථාන ක්‍රීඩා පිටියේදී සංවිධානය කර තිබූ අතර, එමඟින් එම භටපිරිස්හි ක්‍රීඩා දක්‍ෂතාවයන් සහ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට අවස්ථාවක් හිමි වූහ.

උත්සවයට සමගාමීව යාපනය මහ රෝහල සම්බන්ධීකරණයෙන් රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලද අතර, ඒ සඳහා පරිත්‍යාගශීලීන් 125 කට අධික පිරිසක් සහභාගී වූහ. බලසේනාවේ සියලුම සාමාජිකයින්ට ආශීර්වාද එක්කරමින් කනකරායන්කුලම් ශ්‍රී සම්බුද්ධ රජමහා විහාරස්ථානයේදී සහ කනකරායන්කුලම් පුල්ලයාර් කෝවිලේදී ආගමික වතාවත්ද පවත්වන ලදී.

සංවත්සර දින උත්සව කටයුතු වල සමාරම්භය සනිටුහන් කරමින් බලසේනාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලද අතර, පසුව කඳවුරු පරිශ්‍රයේ පැළ රෝපණයක් ද සිදුකරන ලදී.

සංවත්සර දිනය වෙනුවෙන් බලසේනාධිපතිතුමන් සියළුම භටපිරිස් අමතමින් ඔවුන් කැපවීමෙන් සිදුකරනු ලබන රාජකාරිය අගය කරන ලදී. අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහා සහභාගී වූ අතර, උත්සව කටයුතු අවසානයේදී සියලු නිලයන්ගේ සහභාගීත්වයෙන් සංගීත වැඩසටහනක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වූහ.