22nd December 2023 05:19:08 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයේ 561 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 16) දින මාරයිලුප්පාය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව කාර්යය මණ්ඩලයේ සහාය ඇතිව මයිලමොටේ වැව් බැම්මේ හානියට පත් ප්‍රදේශ කඩිනමින් පිළිසකර කරන ලදී.
භටපිරිස් එහිදී, ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟින් එක්ව මාරඉලුප්පායි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ, හානියට පත් වැව් බැම්ම මත වැලි කොට්ට අතුරා අලුත්වැඩියා කටයුුතු සිදුකළහ.
56 සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ භටපිරිස් විසින් මෙම කාර්යය සිදුකරන ලදී.