Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th October 2020 08:40:36 Hours

56 වන සේනාංකයේ සංවත්සරය සනිටුහන් කරමින් පොල් පැළ රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් සිදුකරති

56 වන සේනාංකයේ 23 වන සංවත්සරයට සමගාමීව එම සේනාංකයට අයත් බලසේනා සහ ඒකකයන් යටතේ සේවයේ නියුතු භටපිරිස් ඔක්තෝබර් මස 13 වන දින පොල් සංවර්ධන මණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලද පොල් පැළ 300 ක් කොක්එළිය ප්‍රදේශයේ රෝපණය කරන ලදී.

ඒ අනුව, 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වසන්ත ද ආබෲ ලබාදුන් උපදෙස් මත එම සේනාංකය යටතේ ස්ථාපිත 561 වන බලසේනාව, 562 වන බලසේනාව, 563 වන බලසේනාව, 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 15 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 17 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් පොල් පැළ රෝපණය කිරීමේ වැඩසටහන සඳහා එක්වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ධම්මික ජයසිංහ ගේ උපදෙස් මත මෙම පොල් පැළ රෝපණය කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවිණි.

මෙම වැඩසටහන නිසි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව භටපිරිස්හි සහභාගීත්වයෙන් පැවැත්විණි. Best jordan Sneakers | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov