Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd January 2024 16:39:27 Hours

56 පාබල සේනාංකය, 2024 නව වසරේ වැඩ කටයුතු අරඹයි

2024 නව වසර උදාව සනිටුහන් කරමින්, 56 පාබල සේනාංකය වෙතින් පසුගිය සඳුදා (ජනවාරි මස 01) දින උදෑසන චාරිත්‍රානුකූලව ධජ එසවීම, රාජ්‍ය ප්‍රතිඥාව කියවීම, ජාතික ගීතය හා යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය කියවීම සිදුකරනු ලැබීය.

උත්සවය සමාප්තියේ සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි. මෙම උත්සවය අතරතුර, 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් එම සේනාංකය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත විශේෂ ත්‍යාග පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය.