Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2023 20:14:10 Hours

553 පාබල බලසේනාවේ සම්බන්ධීකරනයෙන් ධර්මපුරම් ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 පාබල සේනාංකයේ 553 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ධර්මපුරම් ප්‍රදේශයේ පාසල් නියෝජනය කරමින් පාසල් ළමුන් 200 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 23) දින ධර්මපුරම් නො. 1 රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයේදී පැවැත්වූහ.

උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් ආර් කේතීස්වරන් මහත්මිය සහභාගී විය.

උත්සවයේදී සිසුන් 200 දෙනෙකු වෙත රු. 3200.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ ඇසුරුම් බෙදා දෙනු ලැබීය. කණ්ඩාවලෙයි ප්‍රාදේශීය ලේකම් ටී පිරුන්තකරන් මහතාගේ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලීන් පිරිසක් විසින් මෙම පරිත්‍යාගයන් සිදුකරන ලදී.

උත්සවයට සමගාමීව පාසල් ළමුන් අතර උද්‍යාන වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සෑම සිසුවෙකු වෙතම පොල් සංවර්ධන අධිකාරිය මගින් පොල් පැළයක් ද සිංහ සමාජය මඟින් පොහොර ඇතුළු පාර්සලයක් සහ පැළ වර්ග ද බෙදා දෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 553 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී.එස්.කේ පෙරේරා ආර්එස්පී විසින් උත්සව කටයුතු සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන සඳහා 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සිය සහයෝගය ලබාදෙන ලදී.

55 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, 553 පාබල බලසේනාවේ බලසේනාංකාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ රාජ්‍ය නිලධාරීන් ද මෙම දින උත්සවය සඳහා සහභාගී වූහ.