22nd January 2024 19:55:16 Hours
552 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී.එස්.එස් රදලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත එම බලසේනාවේ 17 වන සංවත්සරය ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව පසුගිය බදාදා (ජනවාරි මස 17) දින පුනරින්හි පිහිටි මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.
සංවත්සර දිනයට සමගාමීව දානපතියන්ගේ අනුග්‍රාහකත්වය ඇතිව එම බලසේනාව යටතේ රාජකාරි කරනු ලබන කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් 62 දෙදෙනෙකු වෙත පාසල් බෑග් ප්‍රධානය කරන ලදී.