Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th January 2020 09:30:08 Hours

55 වන සේනාංකය රථවාහන ධාවනය කල හැකි පරිදි මාර්ගය ප්‍රතිසංස්කරණය කරයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයෙන් කරන ලද ඉල්ලීමකට අනුව 55 වන සේනාංකයේ මුලිකත්වයෙන් ඒ යටතේ ස්ථාපිත 552 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 23 වන ගැමුණු හේවා බලඇණිය සහ 12 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් අයියකච්චි හන්දියේ සිට කඩ්ඩෙයිකාඩු ප්‍රදේශය දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් 10 ක පමණ දුරක් අළුත්වැඩියා කරන ලදී.

පුරා දිනක් තුළ යුද්ධ හමුදා සාමාජිකයින් 40 දෙනෙකු බර යන්ත්‍රෝපකරණ, බැකෝ යන්ත්‍ර සහ වෙනත් උපකරණ භාවිතා කරමින් කුඩා ගල් කැට හා පස් අතුරා මාර්ගයේ පළුදු වී ඇති ස්ථාන අළුත්වැඩියා කරන ලදී.

මෝසම් වැසි සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම මාර්ගයට බරපතල හානි සිදු වී ඇති අතර වලවල් හා මඩ සහිත ස්ථාන හේතුවෙන් මාර්ගයේ ගමන් කිරීමට ඉතා අපහසු තත්ත්වයක් උද්ගත වී තිබිණි. එම ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ‘වෙත්තලකේනි කෝවිල’ වෙත දිවෙන එකම මාර්ගය මෙය බැවින් දිනපතා බැතිමතුන් විශාල පිරිසක් ගමන් කරන අතර එබැවින් ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබිණ.

ජන ජීවිත අඩාල කරමින් පොදු ප්‍රවාහන සේවයට බාධාවක් වී තිබූ මෙම මාර්ගය යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ උපදෙස් මත 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ ගේ අධික්‍ෂණය යටතේ අළුත්වැඩියා කටයුතු සාර්ථකව නිම කරන ලදී. Nike Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov