Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th April 2018 13:35:35 Hours

55 වන සේනාංකයේ සිංහල සහ දෙමළ නව අවුරුදු උළෙල විචිත්‍රවත් සංගීත ප්‍රසංගයකින් පසු නිමාවිය

55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්නගේ උපදෙස් පරිදි 55 වන සේනාංක භට පිරිස් විසින් සංවිධානය කරන ලද සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය සෙනසුරාදා (7) දින එම සේනාංක ක්‍රීඩා පිටියේදි පවත්වන ලදී.

මෙම අවුරුදු උළෙල සඳහා 55 වන සේනාංකයට අයත් සියළුම බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක් වු අතර 55 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි විය.

සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන් දැල්විමෙන් අනතුරුව උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කරන ලද මෙම අවුරුදු උත්සවය සම්ප්‍රදායික හා නුතන ක්‍රීඩා ඉසව් වලින් සමන්විත වු අතර 55 වන සේනාංකයේ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එම ක්‍රීඩා ඉසව් සඳහා සහභාගි විය.

සන්ධ්‍යාවේ පැවති සංගීත ප්‍රසංගය සඳහා ප්‍රවීන ගායක ගායිකාවන් රැසක් සහභාගි වු අතර එමගින් මෙම අවුරුදු උත්සවය විචිත්‍රවත් විය.

Authentic Nike Sneakers | Sneakers