Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th July 2019 18:22:07 Hours

55 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් අසරණ පවුලකට නිවසක් ඉදිකර දෙයි

කඩෙයිකාඩු ප්‍රදේශයේ දරු දෙදෙනෙකු සමගින් ජීවත් වන අහිංසක යුවලක් පදිංචිව සිටි පොල් අතු සෙවිලි කළ නිවසක් 2019 ජුනි 30 වන ඔවුන් නිවසින් බැහැරව සිටි අවස්ථාවක අනපේක්ෂිත ලෙස හැමු දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් හටගත් හදිසි ගින්නකින් සම්පූර්නයෙන්ම දැවි අළුවී ගොස් තිබුණි. මෙම සිද්ධිය සැල වූ වහාම 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සම්පත් කෝටුවෙගොඩ යාපනය ආරක්ෂක සේනා ම්‍රූලස්ථානයට අනුයුක්තව සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව ඔවුන් වෙනුවෙන් සහනයක් ලබා දීමට කටයුතු කර ඇත.

මෙම ඛේදජනක සිදුවීම පිළිබඳව සැල වූ වහාම 55 වන සේනාංකයේ සේනාංකාධිපති එම ස්ථානයට පැමිණ නිරීක්‍ෂනය කිරිමෙන් අනතුරුව ඔවුන්ගේ නිවස ගිනිබත් වී ඇති බැවින් ඒතුළින් ඔවුන්ට ජීවත් වීමට කිසිදු ආකාරයක නවාතැන් පහසුකම් නොමැතිව අසරණ වී ඇති බව තේරුම් ගැනිමෙන් අනතුරුව බ්‍රිගේඩියර් කොටුවෙගොඩ විසින් ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කිසිදු වියදමකින් තොරව තහඩු සෙවිලි කරමින් තාවකාලික නිවසක් එම පවුලට ඉදිකර දී තිබිණි. මෙම මානුෂීය ව්‍යාපෘතියට යුද්ධ හමුදා සාමාජිකයින් 20 දෙනෙකුට වැඩි පිරිසකගේ ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

අදාළ පොල් අතු නිවස ගිනිගැනීමට ලක්වීමෙන් පැය කිහිපයකට පසුව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අවශ්‍ය කළමනා කඩිනමින් රැගෙනවිත් දරුවන් දෙදෙනෙකු සමඟින් අසරණව සිටි මෙම පවුල සඳහා තාවකාලික නිවසක් ඉදිකර දී ඔවුන්ට අවශ්‍ය රැකවරණය ලබාදී ඇත. ඉන් අනතුරුව අවතැන් වූ එම අසරණ පවුලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙමින් ඔවුන් හට වැඩිදුර ආධාර ලබා ගැනීම සඳහා අදාළ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමට ද යුද්ධ හමුදා භට පිරිස් විසින් අවශ්‍ය පියවර ගන්නා ලදී. Sportswear free shipping | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1