Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th January 2020 14:37:54 Hours

55 වන සේනාංකයේ මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය තවත් එක් මානුෂීය සමාජ සේවා ව්‍යාපෘතියක් දියත් කරමින් පරිත්‍යාගශීලි සුරේන්ද්‍ර සිල්වා මහතාගේ අනුග්‍රහය ඇතිව යාපනය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් වෙනුවෙන් පාසල් උපකරණ පාර්සල් 320 ක් බෙදාදුන්හ.

මෙම වැඩසටහන 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ ගේ උපදෙස් පරිදි 553 වන බලසේනාව විසින් ඉකුත් සඳුදා (06) දින යාපනය ප්‍රදේශයේ කඩ්ඩෙයිකාඩු රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසලේදී පවත්වන ලදී.

පාසල් බලධාරීන් සහ වෙනත් අදාළ ආයතන සමඟ සාකච්ඡා කර තෝරාගනු ලැබු අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් අතර පාසල් බෑගයක්, අභ්‍යාස පොත් ඇතුළු ලිපිද්‍රව්‍ය අඩංගු පාර්සල් 320 ක් මෙලෙස බෙදාදුන්හ.

මෙම පාසල් උපකරණ බෙදාදීමේ උත්සවය සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් මේජර් ජෙනරාල් කොටුවෙගොඩ සහභාගි වූ අතර පරිත්‍යාගශිලීන්, දෙමාපියන්, ගුරුවරුන් සහ 55 වන සේනාංකය යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ. Best jordan Sneakers | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet