24th December 2023 20:57:51 Hours
55 පාබල සේනාංකයේ අභිමානවත් 27 වන සංවත්සර දිනය නිමිත්තෙන් කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මුලස්ථානයේදී පසුගිය බදාදා (දෙසැම්බර් මස 20) දින සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබීය.
සංවත්සර සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 15) දින ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේදී විශේෂ ‘ආශිර්වාද පූජාවක්’ පැවැත්වීය. අනතුරුව, පසුගිය බදාදා (දෙසැම්බර් මස 20) දින සේනාංක මූලස්ථානයේදී සැමරුම් උත්සවය පැවැත්විණි.
මෙම සංවත්සර සැමරුම් උත්සවයේදී භටපිරිස් ආමන්ත්‍රණය, සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වීම සහ සර්ව ආගමික වැඩසටහන් ද පැවැත්විණි. සංවත්සර සැමරුම සඳහා එම සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද එක්ව සිටියහ.