Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th January 2024 18:26:08 Hours

543 පාබල බලසේනාවේ 13 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

පේසාලේ ප්‍රදේශයේ ස්ථාපිත 543 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් බී.වයි. නානායක්කාර ආර්එස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ 13 වන සංවත්සර දින සැමරුම සනිටුහන් කරමින් ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 20) දින පැවැත්විණි.

සංවත්සර සැමරුමට සමගාමීව භටපිරිස් විසින් බෝධි පූජා පිංකමක් පැවැත්වූ අතර සංවත්සර දිනය යෙදි තිබූ පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින එම මූලස්ථානය වෙත සපැමිණි බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් සහ ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකළහ. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවති අතර උත්සව අවස්ථාව සඳහා එම බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.