Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd September 2019 18:30:20 Hours

542 වන බලසේනාවේ සම්බන්ධිකරණයෙන් වියළි සළාක පාර්සල් තොගයක් බෙදාදෙයි

මන්නාරම ප්‍රදේශයේ පිහිටි 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනා මුලස්ථානය මාතලේ පිහිටි බෞද්ධ කාන්තා සංගමයේ වාර්ෂික ව්‍යාපෘතියක් එම සංගමයේ සාමාජිකාවන් සමඟ සම්බන්ධීකරණයෙන් නරිකාඩු සහ කොන්ඩච්චි ගම්මානයන්හි ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් 50 ක් සඳහා වියළි සලාක පාර්සල් බෙදාදීමේ උත්සවයක් ඉකුත් සිකුරාදා (20) දින පවත්වන ලදි.

මෙම මානුෂිය ව්‍යාපෘතිය වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ උපදෙස් මත 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.ඒ.අයි.ජේ බණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ 542 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අයි.එච්.එම්.ආර්.කේ හේරත් ගේ සම්බන්ධීකරණයෙන් දියත් කරන ලදි.

කොන්ඩච්චි පරිශ්‍රයේ දී අඩු ආදායම්ලාභි පවුල්වලට මෙම වියළි සලාක පාර්සල් බෙදාදීම සඳහා 54 වන සේනාංකයේ සේනාංකාධිපති සහභාගි විය.

මෙම වැඩසටහන සඳහා 542 බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් රැසක් සහභාගි වූහ. Asics shoes | シューズ