Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2022 21:00:53 Hours

54 වන සේනාංකයේ භටපිරිස් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ඇති බුද්ධි අංශ සහ 54 වන සේනාංකයේ භටපිරිස් ඉකුත් ඉරිදා (16) දින තලෙයි මන්නාරම ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal Meth Drugs) ග්‍රෑම් 360 ක් සොයා ගන්නා ලදී.

මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍යවල දළ වටිනාකම රුපියල් මිලියන 3.6 ක් පමණ වන අතර සොයා ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලෙයි මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන වීරසේකර ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම හදිසි වැටලීම සිදුකරන ලදී.