Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th July 2019 15:15:18 Hours

54 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරී අරඹයි

මන්නාරම පිහිටි 54 වන සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් බණ්ඩාර ඉකුත් සඳුදා (08) දින එම සේනාංක මූලස්ථානයේ පැවැති උත්සවයකදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය.

54 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි නව සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

නව සේනාංකාධිපතිතුමන්, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගත්හ. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළ නව සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ භටපිරිස් ඇමතනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් මෙන්ම එම සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් ද සහභාගී වූහ. latest jordan Sneakers | Nike React Element 87