Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th September 2016 17:13:25 Hours

54 වන සේනාංකයෙහි නව සේනාංකාධිපති සිය ධූරයෙහි රාජකාරි අරඹයි

54 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ටි.ජේ. නානායක්කාර සඳුදා (19) දින එම සේනාංක මූලස්ථානයේ පැවති චාම් උත්සවයක දී සිය ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය. එහිදි නව සේනාංකාධිපති විසින් ලේඛණවලට අත්සන් තබමින් සිය ධූරයෙහි රාජකාරී භාරගන්නා ලදි. එමෙන්ම බ්‍රිගේඩියර් ටි.ජේ. නානායක්කාර වෙත භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් පිරිනමමින් සිය ආචාරය ද මෙහිදි පුදකළහ. තවද, නව සේනාංකාධිපති විසින් එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී අඔ පැළයක් රෝපනය කළ අතර, භට පිරිස් ඇමතීම ද සිදු කරන ලදි. එම අවස්ථාව සඳහා 54 වන සේනාංකය යටතේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගි වූහ.Running sports | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092