Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th November 2016 16:21:34 Hours

54 වන සේනංක භට පිරිස් සඳහා ‘සතුට’ නමින් සෞඛ්‍ය ප්‍රවර්ධන දෙදින වැඩමුළුක්

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 54 වන සේනාංක භට පිරිස්, රජරට විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය සමඟ එක්ව නොවැම්බර් මස 2 සහ 3 යන දිනයන්හි මන්නාරම 54 වන සේනාංක මුලස්ථානයේ දී ‘සතුට’ නමින් වැඩමුළුවක් පවත්වන ලදි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත 54 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ පූර්ණ අධීක්ෂණය යටතේ එම වැඩමුළුව සංවිධානය කෙරිනි.

ඒ සඳහා 54 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ බලඇණියන්හි සෙසු නිලයින් 125 ක් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 15 ක් සහභාගි වූහ.

රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දුමින්ද ගුරුගේ මහතා ප්‍රමුඛ උපදේශකවරුන් 15 දෙනෙකු විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩමුළුවේ දී ‘පවුල සහ ළමා සෞඛ්‍ය’, ‘ලිංගික අධ්‍යාපනය’ සහ ‘මත්ද්‍රව්‍ය උවදුරෙන් වැළකීම’ ආදි මාතෘකා පිළිබඳව සාකච්ඡා කරන ලදි.

තවද මෙම වැඩමුළුව සඳහා දේශණ සහ එළිමහන් පුහුණු සැසි ද ඇතුලත් විය.

මේ සඳහා සහභාගි වූ සියලුදෙනා වන්නි ආරක්ෂක සේනා ආඥාපති වෙත සිය කෘතඥතාවය පුද කළ අතර, 54 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් මෙම වැඩමුළුව අවසානයේ උපදේශකයින් ඇගයීමට ද ලක් කළහ.

latest jordans | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth