14th December 2023 19:18:22 Hours
මන්නාරම රජයේ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඊ.ජේ පුෂ්පකාන්තන් මහතාගේ ඉල්ලීමකට අනුව මන්නාරම, තල්ලඩි හි පිහිටි 54 පාබල සේනාංකයේ භටපිරිස් එම රෝහලේ රෝගීන්ගේ රුධිර අවශ්‍යතාවයන් වෙනුවෙන් රුධිරය පරිත්‍යාගකිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින 54 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණ.
54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.එස්.බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබූ රුධිරය දන්දීමේ වැඩසටහන සඳහා එම මූලස්ථානයේ රාජකාරියෙහි නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් 75 දෙනෙකු සහභාගී වූහ. එහිදී යුද්ධ හමුදා සාමාජිකයින් රුධිර ලීටර් 33.3 ක ප්‍රමාණයක් මන්නාරම රෝහලේ රුධිර බැංකුව වෙත පරිත්‍යාග කරනු ලැබීය.