Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th November 2023 20:24:06 Hours

54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙනුවෙන් සිය ගෞරවාචාරය පුදකළේය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. පසුව, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මූරයේ ගෞරවාචාරය ද පුදකළහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම සේනාංකයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට සහභාගී වූ එතුමන් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කළේය.

මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී භටපිරිස් ආමන්ත්‍රණය කරමින් තම අභිමතාර්ථයන් සහ රාජකාරි ස්වභාවය පිළිබඳ සියලු නිලධාරීන් සහ සෙසුනිලයන් දැනුවත් කළ අතර කැපවීමෙන් සහ විනයගරුකව රාජකාරි ඉටුකරන මෙන් දැනුවත් කරනු ලැබීය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි. මෙම උත්සව අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.