Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th November 2017 22:40:37 Hours

53 වන සේනාංක නව ගෘහස්ථ ක්‍රීඩාගාරයේ ඉදිකිරීම් කටයුතු ඇරඹේ

දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ ස්ථානගත 53 වන සේනාංක මුලස්ථානයේ සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් වෙනුවෙන් නව ගෘහස්ථ ක්‍රීඩාගාරයක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ උත්සවය බ්‍රහස්පතින්දා (23) දින සිදුවිය.

සෑම යුද්ධ හමුදා කඳවුරක්ම සෞඛ්‍ය, ක්‍රීඩා සහ ශාරීරික යෝග්‍යතා පහසුකම් වලින් සමන්විත විය යුතු බවට වු යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයට අනුව යමින් 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි ගේ මඟපෙනවීම මත මෙම ගෘහස්ථ ක්‍රීඩාගාරය ඉදිකිරීම ආරම්භ කර තිබේ. එම අවස්ථාවට වැඩම කර සිටි මහා සංඝයා වහන්සේලාගේ පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ සුභ මොහොතින් ගෘහස්ථ ක්‍රීඩාගාරයට මුල්ගල තැබීම සිදු කරන ලදි.

53 වන සේනාංක මුලස්ථානයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් මෙම වැඩසටහනට එක්ව සිටියහ.

Asics footwear | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ