Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th November 2016 12:41:37 Hours

53 වන සේනාංක අන්තර් ඒකක මලල ක්‍රීඩා තරඟාවලිය

53 වන සේනාංකය යටතේ සේවය කරන යුද හමුදා සාමාජිකයින්ගේ මලල ක්‍රීඩා කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අන්තර් ඒකක සරඹ, ක්‍රිකට් සහ අත්පන්දු තරඟාවලියක් 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත එම මුලස්ථානය විසින් සංවිධානය කරන ලදි.

මෙහි අවසන් තරඟ සාලියපුර ගජබා රෙජිමේන්තු ක්‍රීඩාංගනයේ දී සිකුරාදා (18) දින පැවැත් වූ අතර, ගුවන් සංක්‍රමික බලසේනාධිපති, 532 බලසේනාධිපති, 533 බලසේනාධිපති මෙන්ම අණදෙන නිලධාරීන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

ක්‍රිකට් අවසන් තරඟය 4 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම සහ 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කණ්ඩායම තේරී පත් වූ අතර 5 වන ගැමුණු හේවා බලකා කණ්ඩායම සහ 8 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම අවසන් අත්පන්දු තරඟය සඳහා තේරී පත් විය.

එම තරඟවල දී පහත සඳහන් පරිදි ශුරතා සහ අනුශුරතා ලබා ගන්නා ලදි.

ක්‍රිකට්

ශුරතාවය :12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

අනුශුරතාවය :4 වන ශ්‍රී ලංකා පාබල හමුදා

අත්පන්දු

ශුරතාවය :8 වන විජයබාහු පාබල රෙජිමේන්තුව

අනුශුරතාවය :1 වන ගැමුණු හේවා බලකාය

සරඹ

ශුරතාවය :4 වන ශ්‍රී ලංකා පාබල හමුදා

අනුශුරතාවය :20 වන ගජබා රෙජිමේන්තුව

Running sports | Air Jordan