Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2021 18:23:19 Hours

523 වන බලසේනාවේ නව බලාසේනාධිපති රාජකරි අරඹයි

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 523 වන බලසේනාවේ 13 වන බලසේනාධිපති ලෙස කර්නල් නිශ්ශංක සමරදිවාකර ඉකුත් සිකුරාදා (04) දින චාවකච්චේරි, අල්ලාරෙයි පිහිටි එම බලසේනා මූලස්ථානයේදී ආගමික වත්වත් මධ්‍යයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.

523 වන බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් විසින් බලසේනා මුලස්ථානය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පි‍ළිගැනීමෙන් අනතුරුව 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද නව බලසේනාධිපතිතුමන් වෙත පිරිනැමීය. ඉන් අනතුරුව, කර්නල් නිශ්ශංක සමරදිවාකර ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී කටයුතු භාරගත්තේය. මෙම අවස්ථාවට බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

කර්නල් නිශ්ශංක සමරදිවාකර මෙම නව පත්වීමේ රාජකාරී භාරගැනීමට පෙර ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු කාර්යාලයේ කර්නල් සම්බන්ධීකාරක ලෙස රාජකාරි සිදු කළේය.

නව බලසේනාධිපතිතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. මෙම අවස්ථාවට 523 වන බලසේනා මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් ඇමතූ නව බලසේනාධිපතිතුමන් සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්වූහ.

මීට ප්‍රථම, 523 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස කටයුතු කළ කර්නල් රොහාන් රාජපක්‍ෂ, 212 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස පත් කිරීමෙන් අනතුරුව කර්නල් නිශ්ශංක රාජපක්‍ෂ 523 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස පත්විය. affiliate tracking url | adidas Yeezy Boost 350