10th November 2023 21:19:51 Hours
ප්‍රදේශයේ හමුදා සහ සිවිල් සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ හදිසි මෙහෙයුම් සඳහා සුදුසු වාතාවරණයක් ඇති කිරීමේ අරමුණින් 52 පාබල සේනාංකයේ 523 පාබල බලසේනාවේ භටපිරිස්, ග්‍රාමසේවා සහ රාජ්‍ය නිලධාරීන් 33 දෙනෙකුගේ සහභාගීත්වයෙන් චාවකච්චේරිය, 7 විජයබාහු පාබල රෙජිමේන්තු පරිශ්‍රයේදී පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 07) දින සුහද හමුවක් පවත්වන ලදී.
සුහඳ හමුව සඳහා ප්‍රාදේශීය ලේකම් ඌෂා සුබලිංගම් මහත්මිය ඇතුළු ග්‍රාම නිලධාරී වසම් 61 ක නිලධාරීන් සහභාගි වූ අතර, ඔවුන් වෙත දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනමන ලදී.
52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ 523 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 11 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව සහ 7 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් මෙම වැඩසටහනේ කටයුතු සම්බන්ධීකරණය කරනු ලැබීය. එහිදී සිවිල් පරිපාලන නිලධාරීන් හට යුද්ධ හමුදා නිලධාරීන් සමඟ සුහඳව අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාවක් හිමිවූහ.