Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2019 21:09:48 Hours

515 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් වාසවිලාන් ප්‍රදේශයේ පිහිටි 515 වන බලසේනාවේ 30 වන බලසේනාධිපති ලෙස කර්නල් ඊ.කේ.ඩබ්.ජේ විජයසිරි ඉකුත් සඳුදා (2) දින රාජකාරි අරඹන ලදි.

බලසේනා මූලස්ථානයට සපැමිණි නව බලසේනාධිතිතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී බලසේනාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව, ආගමික වතාවත් මධ්‍යයේ කර්නල් විජයසිරි සංකේතාත්මකව නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.

බලසේනාවේ භටපිරිස් ඇමතූ නව බලසේනාධිපතිතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් ද රෝපණය කළ අතර අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය.

මෙම අවස්ථාව සඳහා එම බලසේනාවේ යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන්, බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ. trace affiliate link | Air Jordan