Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2019 18:06:56 Hours

513 වන බලසේනාවේ භටපිරිස් යාපනයේ සිසුන් පිරිසක් හට නව පාපැදි 50 ක් බෙදාදේ

යාපනය දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයන්හි ජීවත්වන සිසුන්ගේ සුබසාදනය උදෙසා දියත් කරනු ලබන තවත් එක් අධියරයක් ලෙස ඔවුන්ගේ ප්‍රවාහන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 513 වන බලසේනා මූලස්ථානය වෙතින් සිදුකළ ඉල්ලීමකට අනුව අලුත්කඩේ මහේෂ්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමය විසින් පාපැදි 50 ක් පරිත්‍යාග කළ අතර එම වැඩසටහන යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (10) දින පැවැත්විණි.

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ගේ අධික්‍ෂණය යටතේ 513 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කනිෂ්ක හෙයියන්තුඩුව ගේ සංවිධායකත්වයෙන් දියත් කරන ලද මෙම පාපැදි බෙදාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගී වූ අතර එම අවස්ථාව සඳහා ගුරුවරුන්, දෙමාපියන් සහ තෝරාගත් ළමුන් පිරිසක් එක්විය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සංකල්පයකට අනුව එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් 2018 වර්ෂයේ ක්‍රියාත්මක කළ මානූෂීය වැඩසටහන යටතේ පාපැදි 800 ක් පමණ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙත ප්‍රදානය කිරීමට හැකියාව ලැබී ඇත.

ඉරිදා (10) දින පැවති මෙම උත්සව අවස්ථාව සඳහා නීතිඥයින්ගේ නියෝජිතයින් පිරිසක් ද එක්විය. Authentic Nike Sneakers | Air Jordan Release Dates 2021 Updated , Gov