Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd September 2019 07:05:24 Hours

513 වන බලසේනාවේ 24 වන සංවත්සරය සමරයි

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 513 වන බලසේනාවේ 24 වන සංවත්සරය එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් මොහොමඩ් ෆාරිස් ගේ උපදෙස් මත ආගමික වතාවත් ඇතුළු වැඩසටහන් මාලාවක් සමගින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

ඒ අනුව, අගෝස්තු මස 28 වන දින 513 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මූරයක් එම බලසේනාවේ භටපිරිස් විසින් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, බලසේනාවේ භටපිරිස් ඇමතු බලසේනාධිපතිතුමන් තේපැන් සංග්‍රහයකට සහභාගී වූ අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළහ.

එමෙන්ම, සංවත්සර වැඩසටහනේ අංගයක් ලෙස බෝධි පූජාවක් සහ දානමය පිංකමක් ද පවත්වනු ලැබීය. තවද, සංවත්සර උත්සව මාලාව අවසන් කරමින් ඉකුත් සෙනසුරාදා (31) දින සන්ධ්‍යාවේ සංගීත ප්‍රසංගයක් ද පැවැත්විණි. jordan Sneakers | Footwear