Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2019 10:05:06 Hours

512 වන බලසේනාවේ සංවත්සරය වෙනුවෙන් ලේ දන්දිමක් සහ වතුර බෝතල් පරිත්‍යාගයක්

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 512 වන පාබල බලසේනාවේ 24 වන සංවත්සරය ඉකුත් ඉරිදා (1) දින විශේෂ වැඩසටහන් මාලාවක් සමඟින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.

සංවත්සර දිනයේදී, 512 වන බලෙස්නාවේ බලසේනාධිපති කර්නල් එරන්ද රත්නායක වෙත 17 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරීනමනු ලැබීය.

ඉන් අනතුරුව, සංවත්සර දිනට සමඟාමීව බලසේනාධිපතිතුමන් 512 බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිළයින් සමඟින් සියළු නිළ දිවා භෝජන සංග්‍රහයකට එක්වු අතර එදිනම සන්ධ්‍යාවේ කමාන්ඩෝ බලකායේ ‘මෙරෑන්ස්’ සංගීත කණ්ඩායමේ සංගීත නාද රටා සමගින් එම අවස්ථාවට එක්වූ භට පිරිස් විනෝදාස්වාදයට පත් විය.

තවද, එම බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ස්වේච්ඡාවෙන් තම රුධිරය යාපනය ශික්ෂණ රෝහලට පරිත්‍යාග කළ අතර, යාපනයේ ශ්‍රී නාග විහාරයේ දී බලසේනාවේ ධජයට සහ යුද්ධ හමුදා සාමාජිකයින්ට ආශීර්වාද ලබාගැනිමේ ආගමික වැඩසටහක් පවත්වමින් යාපනයේ අපේ ආර්යාවගේ සරණාගත පල්ලියේ වටපිටාව පිරිසිදු කිරීම සඳහා “ශ්‍රමදාන” වැඩසටහනක් ද පැවැත්විය.

සිය සංවත්සර වැඩසටහන අතරතුරදී යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ජල බෝතල් 4000 කට වැඩි ප්‍රමාණයක් දානපතියකු වන කේ.එස් කන්දරාජා මහතාගේ සහය ඇතිව නල්ලූර් කෝවිල වෙත පැමිණෙන බැතිමතුන්ට නොමිලේ බෙදා දෙන ලදී.Nike Sneakers | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092