Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th July 2019 11:04:15 Hours

512 වන බලසේනාවේ නව බලසේනාධිපති ධූරයේ රාජකාරි අරඹයි

යාපනය ප්‍රදේශයේ පිහිටි 512 වන බලසේනා මූලස්ථානයේ 25 වන බලසේනාධිපති ලෙස ගැමුණු හේවා බළඇණියේ කර්නල් එරන්ද රත්නායක මීට දින කිහිපයකට පෙර එම බලසේනා මුලස්ථානයේදී රාජකාරි අරඹන ලදි.

බලසේනා මූලස්ථානය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේ දී එතුමන් සංකේතාත්මක නිල ලේඛනයට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදි.

අනතුරුව යුද්ධ හමුදා සාමාජිකයින් ඇමතීම, පැළ සිටවීම සහ සියලු නිල තේ පැන් සංග්‍රහය වැනි උත්සව අවස්ථාවන් සඳහා 17 වන ගැමුණු හේවා බළඇණියේ සහ 14 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන් සහ බලසේනාවේ මාණ්ඩලික නිලධාරීනගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. මීට ප්‍රථම 512 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරී කල කර්නල් කනිෂ්ක හෙයියන්තුඩුව 533 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් නව ධුරය සඳහා පත්විය. Sportswear free shipping | Air Jordan