Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th January 2024 19:25:10 Hours

5 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 30 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

පාන්ගොල්ල, අයන්සයිඩ් කඳවුරේ පිහිටි 5 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අභිමානවත් 30 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 06) දින හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම ඒකකයේ අණදෙන නිලධාරීතුමන් සහභාගී විය.

උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වූහ. සංවත්සර සැමරුම් උත්සවයට සහභාගී වූ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් යුද ටැංකි සංදර්ශනයක් සහ ඒ පිළිබඳ දැනුවත් කිරීමක් ද සිදුකරනු ලැබීය.