Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th January 2024 17:40:09 Hours

5 ශ්‍රී ලංකා සංඥා බලකායේ 30 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

5 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ 30 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 02) දින පාදුක්ක ප්‍රදේශයේ පිහිටි එම ඒකක මූලස්ථානයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.

සංවත්සර සැමරුමට සමගාමීව බෝධි පූජාවක් හා ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වුණු අතර සංවත්සර දිනයේදී අණදෙන නිලධාරිතුමන් වෙත කඳවුරු මුරයක් සහ බලඇණි ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකළහ. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සෙසුනිල භෝජනාගාරයේදී සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි. මෙම සංවත්සර සැමරුම් උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.