Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd December 2023 14:44:01 Hours

5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙන් ‘DT 175 cc’ යතුරුපැදි සඳහා නව එන්ජිමක්

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් භාවිත කළ නොහැකි තත්ත්වයේ තිබූ ‘DT 175 cc’ යතුරුපැදි සඳහා පර්යේෂණ මට්ටමෙන් ‘Bajaj 150 cc’ එන්ජිමක් භාවිතාකර නවීකරණය කරන ලදී.

5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී මේජර් කේ.පී.සී ප්‍රනාන්දු යූඑස්පී පීඑස්සී එල්එස්සී ගේ අධීක්‍ෂණය යටතේ කාර්මික ශිල්පීන් වන කෝප්‍රල් එච්.ආර්.කේ.සී අරවින්ද සහ ලාන්ස් කෝප්‍රල් එල්.ජී.ඩී.එම් ජයසිංහ විසින් මෙම නවීකරණයන් කරනු ලැබූහ. යතුරු පැදියන්හි මුලික පරීක්‍ෂණ මට්ටමේ ධාවනය පසුගිය සඳුදා (දෙසැම්බර් මස 18) දින ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, ප්‍රධානත්වයෙන් එම මුලස්ථාන පරිශ්‍රයේදී සිදුකරනු ලැබීය.