Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th February 2018 10:45:19 Hours

400 කට වැඩි භට පිරිසක් මුලතිව් ප්‍රදේශයේ රෝගීන් සඳහා ලේ දන්දිමේ වැඩසටහනක

70 වන නිදහස් සැමරුම වෙනුවෙන් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ අධික්ෂණය මත එම මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකය, 64 වන සේනාංකය, 68 වන සේනාංකය සහ මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙසේ සේවයේ නියුතු 400 කට වැඩි භට පිරිසක් මුලතිව් මුලික රෝහලේදී රෝගීන් වෙනුවෙන් ලේ පරිත්‍යාග කරන ලදි.

59 වන සේනාංකයේ තවත් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස ඉරිදා (04) දින මුලතිව් මූලික රෝහලේ වෛද්‍ය කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී මුලතිව් රෝගීන් සඳහා සිය රුධිරය පරිත්‍යාග කරන ලදි.

මුලතිව් රෝහල් ලේ බැංකුව අතිරික්ත රුධිරය අවට රෝහල් වල රුධිර අවශ්‍යතාවයන් වෙනුවෙන් ද ලබාදීමට කටයුතු කරනු ඇත.

59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිෂාන්ත වන්නිආරච්චි මෙම වැඩසටහන සංවිධානය කළ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් රැසක් මෙහිදි රැධිරය පරිත්‍යාග කරන ලදි.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂතුමා සහ කාර්ය මණ්ඩලය මුලතිව් භට පිරිස් වෙත සිය කෘතඥතාවය පළකර සිටියහ.

jordan Sneakers | Nike Air Max 270