Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th December 2023 20:18:58 Hours

4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ භටපිරිස්හි මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 16 වන සංවත්සර දිනය පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 24) දිනට යෙදී තිබූ අතර, ඒ වෙනුවෙන් ඒකක පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.සී. ප්‍රනාන්දු සහ එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතින, යාපනය ශික්‍ෂණ රෝහලේ රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍ය නිල්මිණි ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

රුධිර පරිත්‍යාග වැඩසටහනේදී යාපනය, ශික්‍ෂණ රෝහලේ රුධිර අවශ්‍යතා සහිත රෝගීන් සඳහා 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සාමාජිකයින් 128 දෙනෙකු සිය රුධිරය පරිත්‍යාග කරනු ලැබූහ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරී මේජර් පී.එල්.ඒ.ඒ. ලේකම්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සංවිධානය කරනු ලැබීය.