30th November 2023 20:12:12 Hours
3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායට අයත් පාබල සෙබල ජී.එල්.පී.කේ.පී මධුශංඛ යන සෙනියා විසින් කොටුවේගොඩ, ලංකා බැංකුවේ මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රයේ තිබී හමුවූ රු. 14,000.00 මුදලක් එම බැංකුව වෙත භාරදීමේ ආදර්ශමත් ක්‍රියාවක් පසුගියදා සිදුකර ඇත.
පාබල සෙබල ජී.එල්.පී.කේ.පී මධුශංඛ, පසුගිය සිකුරාදා (නොවැම්බර් මස 24) දින තම නිවස වෙත මුදල් යැවීම සඳහා ගිය අවස්ථාවේදී මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රයේ මෙම එම මුදල තිබී ඇති අතර, අනතුරුව ඔහු ඒ පිළිබඳව 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ විධායක අධිකාරි දැනුවත් කිරීමෙන් පසුව, ඔහු විසින් එම බැංකුවේ අදාල බලධාරීන් වෙත දැනුම් දී ඇත.
අනතුරුව, කොටුවේගොඩ ලංකා බැංකුවේ නිලධාරීන් වෙත රු.14,000.00 ක මුදල භාරදුන් අතර, ඔහුගේ මෙම ආදර්ශමත් ක්‍රියාව බැංකුවේ නිලධාරීන්ගේ ප්‍රශංසාවට ලක්වූහ.