Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th May 2019 23:08:22 Hours

241 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පිහිටි 241 වන බලසේනා මූලස්ථානයේ 5 වන බලසේනාධිපති ලෙස ගැමුණු හේවා බළඇණියේ කර්නල් ඩබ්.බී.ජේ.කේ. විමලරත්න පසුගිය බ්‍රහස්පතින්දා (16) දින ආගමික වතාවත් මධ්‍යයේ එම බලසේනා මුලස්ථානයේ පැවැති හමුදා සම්ප්‍රදායානුකූලව උත්සවයකදී රාජකාරි අරඹන ලදි.

බලසේනා මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් වෙත 3 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව බලසේනාධිපතිතුමන් 241 බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදි.

ඉන් අනතුරුව පැවැති පිරිත් සජ්ඣායනාවේ ආශිර්වාද මධ්‍යයේ නව බලසේනාධිපතිතුමන් සිය කාර්යාලයේ දී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදි.

මෙම අවස්ථාව සඳහා 3 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරී, 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරී සහ 241 බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වුහ. jordan release date | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf