Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2022 15:56:10 Hours

241 වන පාබල පාබලසේනාවට වසර 9ක් සපිරේ

24 වන සේනාංකය යටතේ ස්ථාපිත 241 වන පාබල බලසේනාවේ 9 වන සංවත්සරය ඉකුත් බදාදා (23) දින අම්පාර ප්‍රදේශයේ පිහිටි 241 වන පාබල බලසේනා මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී සමරනු ලැබීය.

සංවත්සර දින වැඩසටහන ආරම්භ කරමින් බලසේනා පරිශ්‍රය වෙත සපැමිණි 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍ර අබේකෝන් වෙත එම බලසේනාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය.

241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති සංවත්සර දිනය සිහිවනු වස් එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, පසුව බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

241 වන පාබල බලසේනාවේ සියලු නිලයන් ඇමතු බ්‍රිගේඩියර් චන්ද්‍ර අබේකෝන් විනය ඉහළ මට්ටමක පවත්වාගනිමින් තමන්ට පැවරෙන රාජකාරීන් නිසි අයුරින් ඉටුකරන ලෙස ඔවුන් දැනුවත් කළේය.

241 වන පාබල බලසේනාවේ 09 වන සංවත්සරයට සමගාමීව, භටපිරිස් විසින් එම කඳවුරු පරිශ්‍රයේ ඉදිකරන ලද නව කොනොනි සමාජ ශාලාව සහ සෙසු නිල භෝජනාගාරය 241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් විවෘත කරන ලද අතර, සියලු නිල දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව සංවත්සර දින වැඩසටහන සාර්ථක අයුරින් නිමාවට පත්විය.