Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th January 2018 00:25:28 Hours

24 වන සේනාංක භට පිරිස් වෙනුවෙන් ගිනි නිවීම පිළිබඳ වැඩසටහනක්

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංක මුලස්ථානය මගින් දියත් කරන ලද ගිනි සහ ගිනි නිවිම සම්බන්ධව භට පිරිස් දැනුවත් කිරිමේ වැඩසටහනක් අම්පාර ගිනි නිවිමේ හමුදාවේ සහයෝගය ඇති අම්පාර 24 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙහිදි සේනාංක මුලස්ථාන කැරළි මර්ධන කණ්ඩායම සඳහා ගිනි නිවිම සහ ඊට අදාල පෙරහුරුවක් පවත්වන ලද අතර විවිධ වර්ගයේ ගිනි නිවිම් උපකරණ භාවිතය පිළිබඳව ද භට පිරිස් දැනුවත් කරන ලදී.

අම්පාර ගිනි නිවිමේ හමුදාවේ නිලධාරින් සහ කාර්ය මණ්ඩලය විසින් පවත්වන ලද මෙම දේශණ හා පෙරහුරු ඇතුළත් දැනුවත් කිරිමේ වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරින් 10 කු සහ සෙසු නිලයින් 80 කු සහභාගි විය.

affiliate tracking url | jordan Release Dates