Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th January 2018 00:20:14 Hours

24 වන සේනාංකය අම්පාරේදි තෛයිපොංගල් සමරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත අම්පාර හි පිහිටි 24 වන සේනාංක භට පිරිස් විසින් තෛපොංගල් උත්සවයට සමඟාමිව මල්වත්ත පුල්ලේයාර් කෝවිල් පරිශ්‍රයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සහ ප්‍රදේශයේ දමිල තරුණයින් සමඟ සුහද ක්‍රිකට් තරඟයක් කෝවිල් ක්‍රීඩාංගණයෙදී පවත්වන ලදී.

24 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ උපදෙස් හා මග පෙන්වීම මත මෙම ප්‍රජා සත්කාරක ශ්‍රමදාන ව්‍යාපාරය මගින් කෝවිල් භුමිය පිරිසිදු කරන ලදී.

මෙම ප්‍රජා වැඩසටහනේ අවසානය වශයෙන් පැවති ක්‍රිකට් තරඟය නැරඹිම සඳහා කුරුක්කල් සහ අම්පාර මල් වත්ත කලාප 1, 2 සහ 3 හි වෙසෙන ප්‍රදේශවාසින් ද පැමිණ සිටියහ.

Sport media | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth