Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2019 20:40:03 Hours

24 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ නික්මයාමේ උත්සවය සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන් ද එක්වෙයි

අම්පාර ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී කළ මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ පසුගිය සඳුදා (8) දින සිය ධූරයෙන් නික්ම බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති ලෙස රාජකාරී භාරගන්නා ලදි. එතුමන්ගේ නික්ම යෑමෙන් අනතුරුව 24 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.අයි මාරසිංහ සිය ධූරයට පත්විය.

24 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නික්මයන සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි නික්මයන සේනාංකාධිපතිතුමන් වෙත 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමනු ලැබීය.

එමෙන්ම, එතුමන් සියලුනිල දිවා භෝජන සංග්‍රහයකට සහභාගිවීමෙන් පසු භටපිරිස් අමතමින් සිය සේවා කාළය තුල ලබාදුන් නොමසුරු සහයෝගය වෙනුවෙන් කාර්යය මණ්ඩලයට ස්තූතිය පුද කළ අතර 24 වන සේනාංකයේ තුන්වන සේනාංකාධිපතිතුමන් වශයෙන් රාජකාරී කළ කාලය පිළිබඳ දිර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන ලදි. තවද, වර්තමාන කාලවකවානුව තුළ හමුදා භූමිකාව පිළිබඳ අවධාරණය කළ එතුමන් ඕනෑම හදිසි අවස්ථාවකට සූදානම්ව වෘත්තීය නිපුණතාවය ඉහළ නැංවීම සඳහා විධිමත් පුහුණුවක් අඛණ්ඩව අවශ්‍ය බව භට පිරිස් වෙත උපදෙස් ලබා දුන්නේය. මාතෘභූමිය සහ යුද්ධ හමුදාව කෙරෙහි ඉහළම මට්ටමේ විනයක්, වෘත්තීය නිපුණතාවය සහ පක්‍ෂපාතිත්වය නිසිලෙස පවත්වා ගන්නා මෙන් එතුමන් සියලුදෙනාගෙන් විශේෂයෙන් ඉල්ලා සිටියේය. ජාතික ආරක්ෂක අවශ්‍යතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඉටු කරනු ලබන කාර්යභාරය පිළිබඳව ද එතුමන් අවධාරණයට ලක් කරන ලදී.

රටේ ඉතා සංවේදී ප්‍රදේශයක පිහිටා ඇති මෙම 24 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස වසර 03 ක කාලයක් එතුමන් විසින් ලබාදුන් ආදර්ශමත් නායකත්වය සහ විශිෂ්ට සේවය ඇගයුමට ලක් කරමින් නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ සෙසුනිළයින් කිහිපදෙනෙකු එක්ව මෙම අවස්ථාවේදි එතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 24 වන සේනාංකය යටතේ ඇති සියලුම බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයින් එක්ව සිටියහ.

ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙස මෙම ප්‍රදේශයේ ජිවත් වන සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ජනවර්ගයන් තුනම මෙම අවස්ථාවට සහභාගි වු අතර නික්මයන සේනාංකාධිපතිතුමන් වෙත ඔවූන් සුභපැතුම් එක් කරන ලදී. තවද, සිය ධූරයෙන් නික්ම යන සේනාංකාධිපතිතුමන් ප්‍රදේශයේ සිදුකරනු ලැබු ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් පිළිබඳ ඔවුන් අගය කරන ලදී. latest jordan Sneakers | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf