Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2019 21:53:05 Hours

24 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරී අරඹයි

24 වන සේනාංක මූලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඒ.අයි. මාරසිංහ ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක මූලස්ථානයේදීය රාජකාරී ආරම්භ කරන ලදී.

ආගමික වතාවත් මධ්‍යයේ පැවැති මෙම රාජකාරී භාරගැනීමේ උත්සවය සඳහා සපැමිණි නව සේනාංකාධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරීනමනු ලැබීය. ඉන් අනතුරුව, බ්‍රිගේඩියර් අතුල මාරසිංහ සිය කාර්යාලයේදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් නව සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක්ද රෝපණය කල අතර ඉන් අනතුරුව එතුමන් භටපිරිස් අමතනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 241 හා 242 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 24 වන සේනාංකයේ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී, එම සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සහ එම සේනාංකයේ කර්නල් ස්වේච්ඡා සම්බන්ධීකරන නිලධාරී සහභාගි වූහ. Best jordan Sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov