Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th December 2023 19:42:41 Hours

24 පාබල සේනාංකයෙන් එක්ගල්ඔය ප්‍රාථමික විදුහලට පාසල් උපකරණ පරිත්‍යාගයක්

24 පාබල සේනාංකයේ සම්බන්ධීකරණයෙන් අම්පාර එක්ගල්ඔය ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් 63 දෙදෙනෙකු සදහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පසුගිය බදාදා (දෙසැම්බර් මස 13) සිදුකරනු ලැබීය.

ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් වෙනුවෙන් සිදුකරනු ලැබූ මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය සඳහා S.N Micro Credit Pvt Ltd ආයතනයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ ඒ සුනිල් මහතා සහ එතුමන්ගේ භාර්යාව වන චාන්දනී ශ්‍රීනිකේති මහත්මිය විසින් මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදුන්හ. එහිදී එක් සිසුවෙක් සදහා රුපියල් 10,000.00 වටිනාකමකින් යුත් ලිපි ද්‍රව්‍ය, පෑන්, පැන්සල්, අභ්‍යාස පොත්, මුද්‍රිත සිතියම්, කියවීම් පොත් ආදිය බෙදාදෙන ලදී.

උත්සව අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ S.N Micro Credit Pvt Ltd ආයතනයේ පිරිසක්ද සහභාගී වූහ.

උත්සව අවස්ථාවට මේජර් ජෙනරල් ඒ.එස් ආරියසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයූ (විශ්‍රාමික), අනුග්‍රාහක භවතුන්, යුද්ධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමාපියන් කිහිප දෙනෙකු ද සහභාගී වූහ.