Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th March 2020 15:33:33 Hours

233 වන බලසේනාව 29 වන සංවත්සරය සමරයි

වාකරේ ස්ථාපිත 233 බලසේනා මූලස්ථානයේ 29 වන සංවත්සරයට සමගාමීව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් පෙබරවාරි මස 25 වනදා විශේෂ වැඩසටහන් කිහිපයක් එම මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

මෙම සංවත්සරයට සමගාමීව 233 වන බලසේනාවේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් 75 දෙනෙකුට වැඩි පිරිසක් පොළොන්නරුව ලේ බැංකුව සමඟ එක්ව රුධිරය පරිත්‍යාග කළහ.

පෙබරවාරි මස 28 දින බලසේනා මූලස්ථානයේ බෞද්ධ මන්දීරය තුළ බුද්ධ ප්‍රතිමා වහන්සේලා 28 නමක් තැන්පත් කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සර්ව රාත්‍රීක ‘පිරිත්’ සජ්ඣායනාව පැවැත්විණි. සංවත්සර දිනය වෙනුවෙන් පැවති උත්සව අවස්ථාව සඳහා දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා, 23 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 233 වන බලසේනාවේ බලසේනාධිපති සහභාගී වූහ.

පසුදින උදෑසන සංඝයා වහන්සේලා 13 නමකට ‘හීල් දානය’ පිරිනැමීමත් සමගින් එම සංවත්සර උත්සවය අවසන් විය.

මෙම සංවත්සර උත්සව අවස්ථාව සඳහා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ධම්මික ජයසුන්දර සහ 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රාජිත ඇල්විටිගල සහභාගී වූහ. Sports News | Nike Shoes