Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th March 2017 16:35:59 Hours

233 වන බලසේනාවේ සම්බන්ධිකරණයෙන් පනිච්චන්කර්නි රජයේ දෙමිල මිශ්‍ර පාසල වෙත පාසල් උපකරණ

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 233 වන බලසේනාවට අයත් 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් පනිච්චානකෙරනි රජයේ දෙමිල මිශ්‍ර පාසලේ දරුවන් 250ක් වෙත රුපියල් 1500/= ක් වටිනාකමින් යුත් පාසල් උපාංග ඇසුරුම් 250 ක්, මාර්තු මස 4 දින වාකරේ පැවති උත්සවයක දී බෙදා දෙන ලදි.

233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්ද්‍ර ජයවීරගේ ඉල්ලිමකට අනුව හුමෙඩිකා ජාත්‍යන්තර ලංකා පුද්ගලික ආයතනය මේ සඳහා අනුග්‍රහය ලබා දුන් අතර, බලසේනාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගි වුහ.

හුමෙඩිකා ජාත්‍යන්තර ලංකා පුද්ගලික ආයතනයේ විධායක අධ්‍යක්ෂක ටි.ජි. ප්‍රිතිවිරාජ් ඇතුළු වාලච්චේන අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

විදුහල්පතිතුමන්, ගුරුවරුන් හා දරුවන් වෙනුවෙන්, ගුරුවරයෙකු විසින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කිරිම වෙනුවෙන් යුද හමුදාවට සහ හුමෙඩිකා ජාත්‍යන්තර ලංකා පුද්ගලික ආයතනය වෙත සිය කෘතඥතාව පුද කරන ලදී.

Buy Sneakers | Releases Nike Shoes