Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23 වන සේනාංක සෙබලුන්ගෙන් වැලිකන්ද අසේලපුර මහා විද්‍යාලයේ සිසුන් සඳහා පොත් බෙදාදීමේ වැඩසටහනක්

23 වන සේනාංක භට පිරිස් විසින් සමුද්‍ර සමූහ ආයතනය සමඟ එක්ව වැලිකන්ද අසේලපුර මහා විද්‍යාලයේ පාසල් සිසුන් සඳහා අඟහරුවාදා (4) දින පොත් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.

23 වන සේනාංකය විසින් සමුද්‍ර සමූහ ආයතනය සහ කුරුණැගල සමුද්‍ර පොත් හලෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එහි හිමිකරුවන් වන පද්මසිරි ද සිල්වා මහතා සහ එම මහත්මිය විසින් මෙම සත්කාර්ය සඳහා දායකත්වය ලබාදෙන ලදි.

මෙහිදී අසේලපුර මහා විද්‍යාලයේ පාසල් ළමුන් 539 දෙනෙකු සඳහා පාසල් පොත්, අනෙකුත් පාසල් උපකරණ සහ පුස්තකාල පොත් පරිත්‍යාග කරනු ලැබීය.

එමෙන්ම, අස්ලපුර මහා විද්‍යාලය සඳහා අමතර පොත්, බොක්ස් ගිටාර්, සර්පිනා, තබ්ලා සහ බටනලා ආදීය ලබාදුන් අතර, එම පරිත්‍යාගවල සම්පුර්ණ වටිනාකම රුපියල් 3,75,000/= ක් පමණ වේ.

එම අවස්ථාව සඳහා අසේලපුර මහා විද්‍යාලයේ විදුහල්පති, ආචාර්ය මණඩලය සහ පාසල් සිසුන් සහභාගි වූහ.

Nike sneakers | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov