Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th November 2019 11:22:27 Hours

224 වන බලසේනාව විසින් අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටිමට නියමිත ග්‍රාමීය සිසු සිසුවියන් සඳහා සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන්ට අදාළව 22 වන සේනාංකය යටතේ ඇති 224 වන බලසේනාවේ භටපිරිස් විසින් ප්‍රදේශයේ අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටිමට නියමිත ග්‍රාමීය සිසු සිසුවියන් සඳහා සම්මන්ත්‍රණ මාලාවක් මුත්තූර් හී පිහිටි ‘පර්ල් ග්‍රෑන්ඩ්’ පිළිගැනීමේ ශාලාවේදී ඉකුත් බදාදා (20) දින පවත්වනු ලැබීය.

මෙම සම්මන්ත්‍රණය 22 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න එදිරිවීර ගේ මාර්ගෝපදේශණය යටතේ පැවැත්වූ අතර එහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 224 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහභාගී වූහ.

ඉන් පසු උත්සවය ආරම්භ කිරීම සනිටුහන් කිරීම සඳහා සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව විභාග අපේක්‍ෂික සිසුවියක් විසින් පිළිගැනීමේ දේශනය සිදු කරමින් තම ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම ඔපමට්ටම් කිරිම වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් ගනු ලැබන උත්සාහය වෙනුවෙන් සියළු දෙනා වෙනුවෙන් සිය ස්තූතිය පුද කළාය.

මෙම සම්මන්ත්‍රණය සඳහා සිසු සිසුවියන් 500 කට වැඩි පිරිසක් සහභාගී වූ අතර එහිදි ජනප්‍රිය කථිකාචාර්යවරයකු වන එන්. විපුලානන්ද මහතා විසින් ගණිතය විෂය පිළිබඳ සහභාගිවන්නන් දැනුවත් කළේය.

තවද, එම අවස්ථාව සඳහා කුට්ටිරාම මුලමහා විහාරයේ ප්‍රධාන සංඝනායක, සාම්පූර් කෝවිලේ කුරුක්කල්තුමන්, පූජනීය (Sacred Heart) පල්ලියේ පූජකතුමන්, මවුලවීවරුන් ඇතුළු 224 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 15 වන ශ්‍රී ලංකා පාබල බළඇණියේ අණදෙන නිලධාරී, මුත්තූර් කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ, මුත්තූර් ක්‍රිකට් සංගමයේ ලේකම් සහ මුත්තූර් වෙළඳ සංගමයේ සභාපතිවරයා ද සම්මන්ත්‍රණය අරම්භ කිරිමේ අවස්ථාවට සහභාගී වූහ. Asics footwear | Air Jordan Release Dates 2020