Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th December 2023 22:18:18 Hours

22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, සිය බලප්‍රදේශයේ නිල සංචාරයක

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී. ඒ. එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී එම ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් පසුව 221, 222 සහ 223 පාබල බලසේනාවන්හි හා ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සිදුකරනු ලැබූ පළමු නිල සංචාරය දෙසැම්බර් මස 07, 09 සහ 13 යන දිනයන්හිදී සිදුකරන ලදී.

බලසේනා සහ ඒකකයන් ස්ථානගතවී අති ප්‍රදේශ පිළිබඳව සහ බලප්‍රදේශයේ සිදුකරන රාජකාරී පිළිබද අවබෝධයක් ලබා ගැනීමේ අරමුණින් මෙම නිල සංචාරයන් සිදු කරන ලදී. එම සංචාරයන් සිදුකරනු ලැබූ සෑම මූලස්ථානයකදීම එහි බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන් සහ කාර්යය මණ්ඩලය එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

සංචාරයන්හිදී එතුමන් භටපිරිස් අමතමින් ඔවුන්ගේ සුභසාධන පහසුකම් වැඩි දියුණු කිරීම සහ උසස් විනයක් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරන ලදී.