Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2023 19:33:48 Hours

22 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී පසුගිය සඳුදා (දෙසැම්බර් මස 04) දින ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

ආගමික වතාවත් මධ්‍යයේ එතුමන් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව, සියලු නිලයන් ආමන්තණය කරමින් සිය දැක්ම පිළිබඳව අදහස් දැක්වීය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

උත්සව අවස්ථාව සඳහා 22 පාබල සේනාංකය යටතේ ස්ථාපිත පාබල බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.